නොඉවසීමේ රැල්ල මැඩලීම: ආගමික නිදහස ප්‍රවර්ධනය කරන දකුණු ආසියානු ජනමාධ්‍යවේදීන්ගේ ජාලයක්

South Asia Journalism Workshop

දකුණු ආසියාව සතුව ඉතා සජීවී මාධ්‍ය අවකාශයක් තිබෙනවා. කෙසේ වෙතත්, ආගම් සම්බන්ධයෙන් වාර්තා කිරීම බොහෝ විට සීමා සහිතයි. එය සිදුවන්නේ ප්‍රධාන දේශපාලන සිදුවීම් කාර්යරාමුව තුළයි. රජයන් ජනමාධ්‍යවේදීන් වාරණයට ලක්කරනවා. තම කාර්යයන් නිසා ඔවුන් අන්තවාදීන්ගේ හා අනාගමික කණ්ඩායම්වල ඉලක්ක බවට පත්වෙනවා. ආගමික සුළුතරයන් මුහුණ දෙන ප්‍රශ්න වෙත ආලෝක ධාරාවක් යොමු කිරීමට ඔවුන්ට තිබෙන අවස්ථාව එයින් වැළැක්වෙනවා. 

ICFJ විසින් ඉන්දියාවේ, පකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා ඩිජිටල් බලපෑම්කරුවන් කණ්ඩායමක් එක්රැස් කර ආගමික හිංසනයට හේතු වන කරුණු වාර්තා කරන ආකාරය පිළිබඳ හැකියාවන් ඔවුන්ට ලබාදෙනවා.

එම වැඩසටහනේ අරමුණ වන්නේ, විවිධත්වය අගයන ප්‍රවෘත්ති දෘෂ්ටි කෝණයන් ඉදිරිපත් කිරීමට හා ආගමික නිදහස ප්‍රවර්ධනය කිරීමට කැපවන දිගුකාලීන කලාපීය ජාලයක් නිර්මාණය කරගැනීමයි.   

වැඩසටහන පිළිබඳ

මෙම වැඩසටහන විසින් ඉන්දියාවේ, පකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්, ඩිජිටල් බලපෑම්කරුවන්, බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා පුරවැසි මාධ්‍යවේදීන් හට පුද්ගලාන්තර පුහුණුව, මාර්ගෝපදේශ හා අරමුදල් ලබාගැනීමේ අවස්ථා රැසක් විවෘත කරනවා.

වැඩසටහනේ ක්‍රියාකාරකම් අතරට පහත දැක්වෙන තේමාවන් අයත් වෙනවා. ආගමික නිදහස පිළිබඳ වාර්තා කිරීම සමග ඒවා සම්බන්ධ වන ආකාරය මෙහිදී අදාළ වෙනවා.

  • ආගම් පිළිබඳ වාර්තාකරණයේ මූලධර්ම වෙත අවධානය යොමු කළ සති අටක අන්තර්ජාල පාඨමාලාව
  • ප්‍රායෝගික කුසලතා ගොඩනගාගැනීම හා සම්බන්ධ පස්දින පුහුණු වැඩමුළුව
  • අන්තර්ජාල පාඨමාලාවේ හා වැඩමුළුවේ සහභාගිකයන් සඳහා වන අන්තර්ජාලය හරහා පැවැත්වෙන මාර්ගෝපදේශනය.
  • වැඩසටහනට සහභාගීවන්නන් සඳහා වාර්තාකරනය වෙනුවෙන් ප්‍රදාන
  • සහභාගීවන්නන්ගේ කතා සාකච්ඡා කරන ආගමික නිදහස පිළිබඳ වෙබිනාර්
  • ආගම පිළිබඳ වාර්තාකරනය සඳහා මෙවලම් කට්ටලයක් නිර්මාණය කිරීම

මෙම අන්තර්ජාල පුහුණු පාඨමාලාව භාෂා පහකින් පැවැත්වේ. එනම්, ඉංග්‍රීසි, උර්දු, හින්දි, දෙමළ හා සිංහලයි.

මෙම පාඨමාලාවට සහභාගී වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය: 2023 මාර්තු 1දාය.